Pages

Monday, April 29, 2013

ඔබ හරිම ලස්සන මනුස්සයෙක්!!










සිතිවිලි හරි පිරිසිදුයි,
ලස්සනයි, 
සෞමයයි..
ඔබේ හිත රිදෙනවා වැඩියි.              
ඊට අවදි වෙන්න.
හිත රිදෙන එක හොඳයි. 
ඒත්, සිත රිදීමෙන් නතර වෙන්න එපා..               
හඬන සිතෙන් ප්‍රශ්නඅහන්න. 
තනියම අඬන්න. 
කල කිරෙන්න එපා.
කඳුලු මුතු ඇට වේවි... 
තනිකම බලයක් වේවි.. 

Friday, April 19, 2013

♥ Best Friends ♥


Best friends stick together till the end,
They are like a straight line that will not bend.

They trust each other forever,
No matter if you're apart you are together.

They can be your hero and save the day,
They will never leave your side they are here to stay.

They help you up when you fall,
Your true friends are best of all.

I Miss You


I cried when you passed away,
I still cry today,
Although I loved you dearly, 
I couldn't make you stay.
Your golden heart stopped beating,
Hard working hands at rest,
God broke my heart to prove to me, 
He only takes the best.

Then & Now


As a child, 
I always wanted to grow up...
But now realize that,
Broken Toys & Lost Pencils 
Were much better than,
Broken hearts & Lost Friends

Wednesday, April 17, 2013

මට සමාවෙන්න අම්මේ....!!!!



"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...

මදි මට මුළු සංසාර යුගේ....

ඔබව බලා ගන්නට අම්මේ....."

මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා.

මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...

ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,

 "ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා.....

මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා,

"ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා

අම්මා මුකුත්ම කිව්වෙ නෑ......

දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.

මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...

මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...

ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....

එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ  දරුවන්වවත්  දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...

මං එයාට බැන්නා,

"ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා

ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා

එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...

ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....

ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.

අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....



මේ තියෙන්නෙ ඒ ලියුම.....



දයාබර පුතේ,

මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.

මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට....

ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා..

හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.

ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.

මේ,

ඔයාගෙ අම්මා

◄ සැබෑ මිතුරා ►



එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.

නමුත් ඔහු කියාසිටියේ ඔවුන් මගේ හොඳම මිතුරන් බැවින් ඔවුන් සතුටෙන් සිටිනු දැකීම ඔහුට සතුටක් බවයි. එවිට, "ඔවුන් ඔබේ හොඳම මිතුරන්දැයි සොයා බලමු" යැයි මව යෝජනා කළා.

ඔවුන් පිටි වලින් මිනිස් රුවට සමාන රුවක් නිර්මාණය කොට ඇඳුම් අන්දවා කාමරයක තැබුවා. ඉන්පසු එක එක මිත්‍රයා වෙන වෙනම පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් පැමිණි විට තරුණයා මෙසේ කිවුවා. "මගේ අතින් මිනිසෙකු ඝාතණය වුණා හැකි ඉක්මනින් මොහුව වල දැමිය යුතුයි. ඔබට මට උදව් කළ හැකිද ?" එවිට මිතුරන්, ඔබ මගේ යහළුවා තමයි. මට ඔබ ගැන ඇත්තටම දුකයි.. ඒත් මට බෑ මේකට උදවු කරන්න. මෙසේ මිතුරන් 999 දෙනෙක්ම ඔහුව මග ඇරීය.

අවසන් මිතුරත් පැමිණියා. කාරණය ඔහුට සැල කළ විට ඔහු මෙසේ කිව්වා. "මෙය නීති විරෝධී වැඩක්. එවැනි වැඩ වලට සහභාගි වෙන එක මගේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධයි. නමුත් ඔබ මගේ හොඳම මිතුරා. ඔබ මේ අවස්ථාවේ ඉන්නේ කරදරේක වැටිලා. ඔබව ඉන් මුදාගන්න එක අන් සියළු දේට වඩා මට වැදගත්. අපි මේ මිනිය ඈත කොහේට හරි ගෙන ගොස් වල දමමු. මම එයට, ඔබට උදවු වෙන්නම්. මින් පසුව මෙවැනි වැරදි නොවෙන්න මම උදව් වෙන්නම්."

ඒ වදන් ඇසීමෙන් . තරුණයාගේ මව ඉතාමත් සතුතට පත්වුණා.

ඇය මෙසේ කිව්වා... "පුතා... මේ ඉන්නේ ඔබේ සැබෑම මිතුරා.. දුකේදී විවිධ හේතු දක්වා මග හරින මිතුරන්ගෙන් පලක් නෑ ඔවුන්ව අමතක කොට ඔබ සතු දේ මොහුත් සමග බෙදාගන්න.."

දුකේදී ඔබේ පිහිටට පැමිණෙන්නේ සැබෑ මිතුරන්ය. අන් අය විවිධ හේතූන් දක්වා ඔබව මග හරිනු ඇත..

◄Never►


Blooms a love in my heart like a flower
But no any strength to tell you my dear
Don't try to ignore my love using your power
And don't think my love to be lower
Please trust me and let me swear
I can't forget you my lovable dear
I'll die without you like the poor
If you refuse my love as a dour
Don't let me to live with tears
And please let us live as lovers
Telling those who say stop a very big never

Tuesday, April 16, 2013

♥Not JUST only another love story♥


Girl: This is really scary, slow down!
Guy: No, I'm having too much fun!
Girl: Please stop!
Guy: First hug me
Girl: *hugs* 
Guy: Tell me you love me
Girl:I love you, can you slow down now?
Guy: Can you take my helmet off and put it on yourself? It's bugging me
Girl: *puts on helmet*

Next Day's Headlines:
There was an accident involving a motocycle accident. There were two people riding the motorcycle at the time of impact. The vehicle was speeding out of control and drove off road and into a building. Only one of the two people died.

What Really Happened:
Half way through the ride the guy noticed that the brakes were gone, but he didn't want to scare the girl. So he got her to hug him one last time, and to know that she loved him. He got her to wear the helmet so that if they did crash, that she would survive, although that meant that he had to die...

The Red Light




එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා. 
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමතිකියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ...

සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...

Monday, April 15, 2013

Best Friends!!





Best Friends means different things to different people.
 Some insist that you can have only one best friend. 
Others assert that they have best friends for different aspects of their personalities. 
Whatever the precise definition, 
your best friend is the person who gets you. 
They understand who you are and what you are saying. 
The greatest distance cannot separate best friends. 
You will always feel a kinship with them, and be able to instantly continue the friendship even after not talking for many years.

There is always a way...



  • You are stronger than anything standing in your way. Because you have a purpose that cannot be denied.
  • Often that purpose is difficult and inconvenient to follow. Yet it is never impossible to follow.
  • There is always a way. If the path you’re on is blocked, look for another route, because it is surely there.
  • You can be flexible, innovative, determined and persistent. You can imagine any possibility, and then work to make that possibility real.
  • Every moment, every circumstance, every turn of events presents you with an opportunity to act. Take those opportunities, make those actions come to life, and express the purpose that is uniquely you.
  • Step up and embrace the responsibility for moving your life forward. Whatever may come, there is always a way.


Sunday, April 14, 2013

The prettiest things...


The prettiest smiles hide the deepest secrets


The prettiest eyes have cried the most tears


The kindest hearts have felt the most pain

පාසල් කාලය


පාසල් කාලය තරම් 
ජීවිතයට සොඳුරු මතකයන් 
එක්කල කාලයක්
තවත් නෑ

පාසල් කාලයේ මිතුරන්
වගේ පිරිසක් 
අපේ ජීවිතයට ආයෙමත්
හම්බවෙන්නෙත් නෑ





Prefer Positive Talk!!

  • Greet everyone warmly. Don't consider relative rank or status when you meet someone.
  • Talk good of everybody. Follow the dictum, See no evil; Hear no evil; Speak no evil.
  • Positive affirmination boosts positive emotions. When you wake up in the morning, and also several times during the day, say enthusiastically to your self, "This is a new day for new health and new success. I feel dynamic"
                                                          

Smile & Laugh more :)



  • Laughter is the best medicine. It not only cures you, but also everyone around you.
  • A hearty laugh does wonders to your mind and body and surprisingly takes only one fifth of muscle power than that of a good frown.
  • Develop a sense of humour and learn to laugh at your imperfections.
  • Smile more and more. Remember, man is the only animal capable of doing it.

The one that got away...



Summer after high school when we first met
We make out in your Mustang to Radiohead
And on my 18th Birthday
We got matching tattoos

Grabbed the bunch of blankets 
And climb to the roof
Talk about our future
Like we had a clue
Never planned that one day
I'd be losing you

In another life
I would be your girl
We'd keep all our promises
Be us against the world

In another life
I would make you stay
So I don't have to say
You were the one that got away
The one that got away

Saturday, April 13, 2013

Sometimes we need a little magic!!




It's true... Sometimes we need a little magic.
We need the sun rising over the eastern mountains.
 We need the rain to bring forth spring's flowers.
 We need the warmth of a summer day 
or the comfort of a fire on a winter's night. 
We need to revel in the magic of all those things.
We need the mystery of a forest shrouded in fog. 
We need the romance of your favorite love story. 
We need all the little things that make us believe in something...    in the goodness, in the peace, in the hope.
But, magic doesn't always come in nature. 
Sometimes magic comes in people.
A warm hug.
 A listening ear. 
A kindness done by someone who expects nothing back. 
Friendship and forgiveness.
 The sweet innocence of a child.
And it's all good to look around and hope for someone 
to be the magic in your life. 
But, don't forget...  
You have the chance to be the magic in someone else's too.  
You can be the magic that someone else is searching for. 
For a moment, an hour, a day.
Have the courage. Be the magic. Someone needs you to be.

Yesterday is gone...




Today is going
Tomorrow is coming
Dreams are waiting
What are we doing…
We have no future experience
How can we face tomorrow?
Everything would be changed
But I’m stuck over here...
When a glass gets broken into pieces,
You can never put them back together
in the same way…
So is the heart..
When it is broken,
Sometimes it's better to leave it broken,
Than trying to hurt yourself
putting it back together….