Pages

Showing posts with label Poverty. Show all posts
Showing posts with label Poverty. Show all posts

Wednesday, April 17, 2013

මට සමාවෙන්න අම්මේ....!!!!



"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...

මදි මට මුළු සංසාර යුගේ....

ඔබව බලා ගන්නට අම්මේ....."

මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා.

මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...

ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,

 "ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා.....

මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා,

"ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා

අම්මා මුකුත්ම කිව්වෙ නෑ......

දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.

මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...

මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...

ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....

එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ  දරුවන්වවත්  දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...

මං එයාට බැන්නා,

"ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා

ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා

එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...

ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....

ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.

අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....



මේ තියෙන්නෙ ඒ ලියුම.....



දයාබර පුතේ,

මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.

මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට....

ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා..

හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.

ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.

මේ,

ඔයාගෙ අම්මා

Tuesday, April 16, 2013

The Red Light




එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා. 
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමතිකියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ...

සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...